තම දෙපාර්තමේන්තුව මේ වසර (2025) අවසාන වන විට අත්කර ගත යුතු රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය දෙසැම්බර් 19 දින සම්පූර්ණ කර ගැනීමට සමත්වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය පසුගිය සිකුරාදා (19) ළඟා කර ගැනීමට හැකි වූ බව සතුටින් දන්වා සිටින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී.එච්.ප්‍රනාන්දු ප්‍රකාශ කළා ය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන අතර, ඉදිරි දින කිහිපය තුළ දී එය තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළා ය. මේ සඳහා සෘජු හා වක්‍ර බදු ලෙස බදු ගෙවීමෙන් දායකත්වය ලබා දුන් ගෞරවනීය බදු ගෙවන්නන් වෙත රජය සහ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ස්තූතිය පුද කරන බව ද ඇය සඳහන් කළා ය. එපමණක් නොව මේ සඳහා දායකත්වය ලබා දුන් තම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල කාර්ය මණ්ඩලවලට ද බෙහෙවින් ස්තූතිවන්ත වන බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.
ජේ.මුණසිංහ

