ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය සැමරීම සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය සැමරීම සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කෙරේ

බුද්ධශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන, ‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා, සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරෙන මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ: රංගනය, අධ්‍යක්ෂණය, තාක්ෂණ ශිල්පීය දායකත්වය යනාදී ක්ෂේත්‍රවල පුරෝගාමීන් වන: අයිරාංගනී සේරසිංහ, තිස්ස ලියනසූරිය සහ ඩෙරික් ප්‍රනාන්දු යන අයගේ ගෞරවනීය ආරාධිතයින් ලෙස සහභාගි විමට නියමිත ය.

1925දී “රාජකීය වික්‍රමය නොහොත් "ශාන්තා” චිත්‍රපටයෙන් ඇරඹි “ශ්‍රී ලාංකීය සිනමාවේ ශක සංවත්සරය (1925-2025)" වෙනුවෙන්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ප්‍රකාශනයක් වන රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සංස්කරණයක් ලෙස “සිනමා විමර්ෂි - ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය” යනුවෙන් සිංහල සහ දෙමල භාෂා ද්වයෙන් යුතු ශාස්ත්‍රීය සංග්‍රහයක් ද මෙහිදී එළිදැක්වීමට නියමිත ය.

සිනමා විචාරකයින්, සිනමා ලේඛකයින්, සිනමා ජනමාධ්‍යවේදීන් සහ සිනමාව පිළිබඳ ශාස්ත්‍රාලයීය පර්යේෂකයින් 150 දෙනෙකුගේ සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ප්‍රකාශිත ජන්දයෙන් 75 වසරක ශ්‍රී ලාංකීය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබයි.

එක් එක් දශකවල හොඳම චිත්‍රපට සහ අධ්‍යක්ෂවරු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කෙරෙන්නේ 1947-2022 කාලවකවානුව තුළ තිරගත වූ හොඳම චිත්‍රප‌ට 25 පදනම් කර ගනිමින් අදාළ සිනමා කෘති පිළිබඳව ක්‍රමවේදීය දත්ත විශ්ලේෂණ ඇසුරෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න