තහනම් කළ ආයතනයකට මෙම ඇණවුම් ලබා දුන්නේ ඇයි? - වෛද්‍ය ගිෂාන්ත විමසයි

තහනම් කළ ආයතනයකට මෙම ඇණවුම් ලබා දුන්නේ ඇයි? - වෛද්‍ය ගිෂාන්ත විමසයි

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Ondansetron නමැති ඖෂධය ගෙන්වා ඇත්තේ 2011 දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අවුරුදු 5කට තහනම් කළ Maan Pharmaceutical pvt ltd නමැති ආයතනයෙන් යැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Maan Pharmaceutical pvt ltd නමැති ආයතනයට මෙම ඇණවුම් ලබා දීමට හේතුව කුමක්දැයි විමසීම සඳහා ජාතික ඔෂධ තත්ත්ව පාලන අධිකාරියට පැමිණ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ගිෂාන්ත පැවසුවේ අදාළ ආයතනය සම්බන්ධයෙන් පූර්ව විමසීමකින් තොරව මෙම ඖෂධ ගෙන්වා ඇති බවයි.

මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය ගිෂාන්ත දැක්වූ අදහස් අන්තර්ගත විඩියෝව යි.

 


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න