මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම යටතේ නිසි ලෙස ගනු දෙනු වාර්තා නොකළ ආයතන හතකින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ වසරේ (2025) ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල පරිච්ඡේදය තුළ එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන නවයයි දශම පහක් (රු. 9,500,000.00) ලෙස වාර්තා වේ.
මෙලෙස අය කරගෙන ඇති එම සමස්ත දඩ මුදල වන රුපියල් මිලියන නවයයි දශම පහ (රු. 9,500,000.00) ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත.
අනුකූල නොවන කටයුතුවල ස්වභාවය සහ බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.
වසර 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබූ බව ද මූල්‍ය බුද්ධි ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
ජේ.මුණසිංහ

