සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ආන්දෝලනාත්මක පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ, අස්ගිරි මහා විහාරය මගින් සසුනෙන් නෙරපා හරින ලද හුනුපොළගම වජිර ශ්‍රී නම් චිවරධාරියකුට විරුද්ධවයි.
මහජනතාවගේ භක්තිය පාවිච්චි කරමින් මුදල් උපයමින් පවුල නඩත්තු කරන මෙම පුද්ගලයාව වහාම ශාසනයෙන් නෙරපා හරින ලෙසත්, උපැවිදි කරන ලෙසත් ඉල්ලා ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. තිරිසන් ලිංගික සබදතා පවත්වන අයෙකු වන වජිර ශ්‍රී නමින් පෙනීසිටින මෙම තැනැත්තා ගේ අකටයුතුකම් නැවත්වීමට වහාම මැදිහත් වන ලෙසට කැලුම් අමරසිංහ විසින් පරීක්ෂණයක් ඉල්ලා ඇත.
කුඩා ගෑස් කඩයක් පමණක් ඇති දිසානායක නම් පවුලක් වෙනුවෙන් මොහු අයතා වත්කම් හා ඉඩම් රැස් කරන බවත්, ඔවුන්ට එපමණ ඉඩම් ගැනීමට තරම් අදායම් මාර්ගයක් නොමැති බවත් පවසන පැමිණිලිකරු මුල්‍ය විමර්ශන අංශයෙන් විමර්ශනයක් ද ඉල්ලා ඇත.




