මාලිමා මන්ත්‍රීගේ ගංජා වගා කතාව සූරියකන්ද OIC ගේ කුමන්ත්‍රණයක් !

මාලිමා මන්ත්‍රීගේ ගංජා වගා කතාව සූරියකන්ද OIC ගේ කුමන්ත්‍රණයක් !

ආපදාව භාවිත කරමින් ආණ්ඩුව වැට්ටවීම සඳහා වර්තමාන විපක්ෂය ඉතාම පහත් දේශපාලනයක නිරත වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ගංජා හේනක් පිළිබඳ ප්‍රවෘත්තිය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ සූරියකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා එකතු වී සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ඔහු කියා සිටියි.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහිව ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා සූරියකන්ද පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට මහජන ආරක්ෂක කමිටුව හමුවේ දොස් පැවරීම නිසා ඔවුන් මන්ත්‍රීවරයා සමග වෛර බැඳගෙන ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අදාළ ඉඩමේ ගංජා පැල දෙකක් තිබුණ ද එය ගංජා හේනක් යැයි ප්‍රචාරය කර ඇති බවත් එහි සේවය කළ දෙදෙනා එම ඉඩම ශාන්ත පද්මකුමාරගේ යැයි ප්‍රකාශ කිරීමට පොළඹවා ගෙන ඇති බවත් අසිත නිරෝෂණ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ පෙරේදා  (23) දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.



ගංජා හේන මාලිමා ශාන්තගේය කීවොත් නඩු දානවා…! - කැබිනට් ප්‍රකාශක

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, පසුගියදා ගංජා වගාවක් වැටළු ඉඩම සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට හෝ ඔහුගේ බිරිඳට හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එහෙයින් අදාළ ඉඩමට මන්ත්‍රීවරයාගේ සම්බන්ධයක් ඇතැයි ප්‍රසිද්ධියේ පවසන ඕනෑම අයකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඇමතිවරයා අනතුරු අඟවයි.

අදාළ පොලිස් නිලධාරියාට පහර දුන් පසු රෝහල්ගත කළ බව කියන සජබ මන්ත්‍රී බී. ආරියවංශ පොලිසිය දැනුම් දුන්න ද මෙතෙක් කටඋත්තරයක් ලබා දී නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

පොලිස් නිලධාරියා පිළිබඳ ක්‍රියාමාර්ග පොලිස් දෙපාර්තමේන්තුව ගනු ඇති බව ද ඇමති නලින්ද ජයතිස්ස කීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න