Vision Air මොල්ඩොවා රාජ්‍යයේ සිට මත්තලට ඍජු ගුවන් ගමන් ආරම්භ කරයි

Vision Air මොල්ඩොවා රාජ්‍යයේ සිට මත්තලට ඍජු ගුවන් ගමන් ආරම්භ කරයි

මෙම ශීත සෘතුවේ දී මොල්ඩොවා රාජ්‍යයේ සිට VisionAir සෘජු ගුවන් වාර 09 ක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට සැලසුම් කර ඇත. එම ගුවන් වාර නවයෙන් සංචාරකයින් 1,500 ක් පමණ රැගෙන ඒමට බලාපොරොත්තු වන අතර, දළ වශයෙන් ඩොලර් 2,250,000 පමණ විදේශ විනිමයක් රටට උපයා ගත හැකි බව අප විශ්වාස කරමු.

යුක්රේන රාජ්‍යයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එරට සියලු ගුවන්තොටුපොළවල් වසා ඇති නමුත්, යුක්රේනයට අසල්වැසි රටක් ලෙස මොල්ඩොවා අගනුවර වන කිෂිනෙව් සිට යුක්රේන SkyUp ගුවන් සේවයේ බොයිං 737-800 ගුවන් යානාව හරහා බහුතරයක් යුක්රේන සංචාරකයින් පැමිණීමට නියමිත අතර පසුගිය 2024-25 ශීත සෘතුවේ SkyUp හරහා සංචාරකයන් 15,411 පැමිණි ඇති බව ද සතුටින් දන්වා සිටිමු.

එදා රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව, වී ගබඩාවක් කර තිබූ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ, Ukraine International Airlines සහ SkyUp Airlines හරහා අප යුක්රේන සංචාරකයින් රැගෙන ආ බැවින් 2020.12.28 දා නැවත විවෘත වූ බව මාලිමා රජයට මතක් කර දෙමු.

අදටත් මත්තලට වැඩියෙන්ම සංචාරකයින් රැගෙන එන ගුවන් සේවය Red Wings Airlines බව නොදන්නා බලධාරීන්ට සටහන් කර තබමු. අද මාහට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් මට එරෙහිව සිදු කරන චොදනා මත, සංචාරක ක්ෂේත්‍රය උදෙසා මගේ සේවය නතර කර නොහැකි බව සටහන් කර තබමු.

මෙහි දී මෙරටට සංචාරකයින් රැගෙන එන්නේ “Join UP” ජාත්‍යන්තර සංචාරක ආයතනය වන අතර, ශ්‍රී ලංකාව තුළ “Delux Holidays” සියලු පහසුකම් සපයයි. මෙම සැලසුම් සාර්ථකව කරගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළහි කාර්ය මඩුල්ල ලබා දෙන සහයොගයට ගෞරවනීය ස්තුතිය පළ කරමු.

සොවියට් දේශය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර යුරොපයේ පිහිටි මොල්ඩොවා රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් ලෙස 1991 දී පත් වූ අතර, මිලියන 2.4 ක් පමණ ජනගහනයක් එහි ජීවත් වන්නේය.

Vision Air හි පළමු ගුවන් යානය (4V-5363) මෙම දෙසැම්බර් 27වෙනි දා දහවල් 1.30ට මොල්ඩොවාවේ අගනුවර වන කිෂිනෙව් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට නියමිත ය.

27 DCE 2025 4V - 5363 RMO / SHJ / HRI 13:30h LT

උදයාංග වීරතුංග - හිටපු ශ්‍රිලංකා තානාපති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න