අනුර ගහපු ගිවිසුම් චීනෙන් ඇවිත් මතක් කරයි

අනුර ගහපු ගිවිසුම් චීනෙන් ඇවිත් මතක් කරයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් අතර හමුවක් පසුගිය 24 දා සිදුවූ අතර එහිදී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.

පසුගිය චීන සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක චීනය සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳව එහිදී විශේෂයෙන්ම සිහිපත් කොට ඇති බවත්, ඒවා කඩිනම් කිරීමේ වැදගත්කම අවධාරණය කළ බවත් වාර්තාවේ.

ඉදිරි වර්ෂය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වැඩිදුර මෙහිදී සාකච්ඡා කර තිබේ.

එම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang  ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin ඇතුළු දූත පිරිසක් එක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න