හිරු එක්ක හැප්පෙන්න ආණ්ඩුවට කැපෑසිටියක් නෑ - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

හිරු එක්ක හැප්පෙන්න ආණ්ඩුවට කැපෑසිටියක් නෑ - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ආණ්ඩුවේ පැවැත්මට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සමග හිරු මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඊට එරෙහිව යමක් කිරීමට ආණ්ඩුවට දැඩි අවශ්‍යතාවක් ඇතැයි ද 'හිරු' මර්දනය පිළිබඳ ගැටලුව මතුවන්නේ එතැනින් බව ද ඔහු පෙන්වාදෙයි.

එහෙත් මාලිමා ආණ්ඩුවට එවැනි මර්දනකාරී තන්ත්‍රයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව හොඳින් මතකයේ තබාගත යුතු බව ද නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.

ආණ්ඩුව එවැන්නක් සඳහා උත්සාහ කළත් ඊට අවශ්‍ය ශක්‍යතාව නොමැති නිසා ආණ්ඩුව බැරි වැඩ නොකර සිටිය යුතු බව ද ඔහු අවදාරණය කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කරයි.

වීඩියෝ
සාර්ථක ලෙස ‘හිරු‘ න්‍යාය පත්‍රය මර්දනය කරන්නේ කෙසේද? ‍| නිර්මාල් රංජිත් දේවසිරිගේ විවරණයක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න