ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුලුනු හතර වන්නේ: ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුව ද මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන් ගේ අයිතියත් උල්ලංඝනය කරමින් සිටින බවත්විපක්ෂ නායකවරයා පැවසීය.
ඔහු අද (26) මෙම අදහස් පළ කළේ වත්මන් රජය ස්වාධීන මාධ්‍ය වෙත එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මාධ්‍ය මර්දනය කියන්නෙ ඒකාධිපති පාලනයකට අත පෙවීමක්
ආණ්ඩුව මේ වන විට රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත් කරපොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන්නට නම් මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මධ්‍යට තැන දිය යුතු යි. මේ හරහා සංවරණ හා තුළන ක්‍රියාවලියට සවියක් වන නමුත් වත්මන් රජය ස්වාධීන මාධ්‍ය ක්‍රියාවලියට බලපැම් කර ස්වාධීන මාධ්‍ය මර්ධනය කරන්නට පොලිසිය උපයෝගී කර ගෙන ස්වාධීන මාධ්‍යට තර්ජනය කරනවා. ස්වාධීන මාධ්‍ය තමන් ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත්, එය උල්ලංඝනය කරන්න කටයුතු කිරීම කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රට පොලිස් රාජ්‍යක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක්. මෙරට නිහඬ බහුතරයේ හඬ වන්නේ ස්වාධීන මාධ්‍ය බැවින් එය මර්දනය නොකළ යුතු යි. මේ මාධ්‍ය මර්දනය යනු ඒකාධිපති පාලනයකට අත පෙවීමක්. ජනතාව ජන වරම දුන්නේ ඒකාධිපති පාලනයකට හෝ පොලිස් රාජ්‍යක් ඇති කිරීමට නෙවෙයි. රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටිනවා.
ආණ්ඩුව පොලිසියේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා
ආණ්ඩුව පොලිසියේ ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල කරන නිසා පොලිසියට අපක්ෂපාතීව සේවය කරන්න බැරි වෙලා තියෙනවා; දේශපාලන බලපැමෙන් තොරව සේවය කරන්න බැරි වෙලා තියෙනවා. කතා කිරීම අදහස් පළ කිරීමේ නිදහසට බලපෑම් කිරීම කියන්නෙ ඒකාධිපති පාලනයකට රට ගෙන යාමක්.
පළාත් පාලන ආයතන අයවැය ඡන්දයටත් ආණ්ඩුවේ බලපෑම්
සත්‍ය හෙළිදරව් කිරීමේ අයිතිය මාධ්‍යට තිබෙනවා. එයට බලපැම් කිරීම යනු ලක්ෂ 220 ජනතාව ගේ අයිතිය උල්ලංඝනය කිරීමක්. දැන් පළාත් පාලන ආයතනවල අයවැය ගැන මතය ප්‍රකාශ කිරිමේ ඉඩකඩ පවා උල්ලංඝනය කරමින් සිටිනවා. මීගමුවේ සහ හොරණ සිදු වුයේ එවැනි දෙයක්.''

