ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සමඟ ඇති කරගත් ගැටුවකින් පසුව වැඩ තහනමකට ලක්වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත.
ඒ තමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලමිනි.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමන්ඩියට අයත් බවට ප්‍රචාර පැතිර ගිය ඉඩමක ගංජා පැළ දෙකක් තිබී හමුවී තිබුණේ පොලිසිය පසුගියදා සිදුකළ වැටලීමකදීය.
පසුව ඊට සම්බන්ධ වූ, සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයකු අදාළ මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් දෙසැම්බර් 20වැනිදා රෝහල්ගතව තිබුණි.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශන කළ පොලිසිය මන්ත්‍රීවරයාට සාපරාධි බිය ගැන්වීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් අතර අධිකරණයෙන් ඔහුව ඇප මත මුදාහැරිණි.
ඉන් පසුව එම විමර්ශනයට අදාළව කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබීය.
මෙවන් පසුබිමක එම පොලිස් නිලදාරියා ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කළේය.

