මෙවර ගංවතුර අවස්ථාවේ දී කොළඹ නගරය වෙනදා (2016) මෙන් ජලයෙන් යට නොවූයේ එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය ජගත් මුනසිංහ ගේ ප්‍රමුඛත්වයෙන් ඇක්වරීනා (ජලයෙන් උපන් නගරය) නමැති සංකල්පය යටතේ නිර්මාණය කළ වැඩපිළිවෙළ හේතුවෙන් යැයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකAdvocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව හෛයවනු ලබන්නේ Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විසිනි.

