කුණ්ඩසාල විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩල සභිකයන් තෝරා ගැනීමේ නිලවරණය ඊයේ (28) පැවති අවස්ථාවේදී ජාතික ජනබලවේගය පක්ෂයේ කිසිදු සභිකයෙකුට අධ්‍යක්ෂක ධූරයට පත්වීමට ඡන්ද නොලැබීමත් සමග එම නිලවරණයට ඉදිරිපත්වූ පොදු විපක්ෂ කණ්ඩායම සභික ධූර 07 ක් ලබා ගනිමින්, සමූපකාර නිලවරණය ජයග්‍රහණය කරනු ලැබීය.
මෙම නිලවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ( සජබ , ශ්‍රීලංකා, පොදු ජන පෙරමුණ සහ සර්ව ජන බලය) නියෝජනය කරමින් කුණ්ඩසාල විවිධ සේවා සමූපකාර සමිතියේ සභිකයන් හතක් ඉදිරිපත් වී , එම සභිකයන් 07 දෙනාම අධ්‍යක්ෂක මණ්ලයට තේරී පත්වී තිබේ.
මධ්‍යම පලාත් නියෝජ්‍ය සමූපකාර කොමසාරිස් වරයාගේ අධීක්ෂණය යටතේ නිලවරණය මැණික්හින්න නගරයේ කුණ්ඩසාල විවිධ සේවා සමූපකාර සමිති මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී පොදු විපක්ෂය නියෝජනය කල තිවංක විජේසිංහ ඡන්ද 58 ක් ලබාගෙන තිබූ අතර එම පොදු විපක්ෂය නියෝජනය කල සභිකයා ඡන්ද 55 ක් ලබාගෙන අධ්‍යක්ෂක මණ්ඩලයට තේරී පත් වී ඇත.
(ජේ ඒ එල් ජයසිංහ, චන්දන උඩුවාවල)

