දැනට පවතින කෘතිම බුද්ධිය පිළිබඳව අවධානය යොමු කළ හොත් ඉදිරි වසර පහ තුළ මිනිස් බුද්ධිය මට්ටමට ම තාක්ෂණය පැමිණෙතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
2030 වසරෙන් ඉක්බිතිව සලකා බැලුව හොත් කාතිම බුද්දිය මිනිස් බුද්ධිය ඉක්මවා යන බව පැහැදිලි යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

