ලක්ෂ 50ට බාලගිරි ! එතකන් ලක්ෂ 5 ලු !

ලක්ෂ 50ට බාලගිරි ! එතකන් ලක්ෂ 5 ලු !

සහන මුදල: හානියට පත් සෑම නිවසකටම රුපියල් ලක්ෂ 5ක්

තක්සේරු ක්‍රමය වෙනස් කිරීම: තනි තනිව විධිමත් තක්සේරුවක් සිදු නොකරනවා

හේතුව: විධිමත් තක්සේරුවකට වසරක් පමණ ගතවිය හැකි බැවින්, සහන ප්‍රමාද වීම වැළැක්වීම.


ආපදාවෙන් හානි වූ නිවාස සඳහා තනි තනිව තක්සේරු නොකර, රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඒ අනුව, එම ගෙවීම තක්සේරු කිරීමකින් තොරව ලබා දෙන බවත් විධිමත් තක්සේරුවක් අවශ්‍ය නොවන පවුල්වලට ඉතා කෙටි කලෙකින් මෙකි මුදල නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.

මෙම තීරණය ගත්තේ, 120,000කට වැඩි නිවාසවල විධිමත් තක්සේරුවට වසරක් පමණ ගතවිය හැකි නිසා, සහන ප්‍රමාදවීම වැළැක්වීමට බවත්, කාලෝචිතව සහන සැලසීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ "පූජා ශක්ති වැඩසටහන" පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.

කෙසේ නමුත්, මෙම ලක්ෂ පහේ වන්දියට යමෙකු අකමැති නම් ඔවුන්ට විධිමත් තක්සේරුවක් ඉල්ලා සිටිය හැකි බව පැවැසූ අමාත්‍යවරයා සඳහන් කළේ. ඔවුන් තක්සේරු කරන ලද හානියේ ප්‍රමාණය අනුව රුපියල් මිලියන කිහිපයත් දක්වා වුවත් වන්දි මුදල ඉහළ යා හැකි බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න