⁠තවමත් පාලොස්දාහක් එලියේ

⁠තවමත් පාලොස්දාහක් එලියේ

ආපදාවෙන් විපතට පත් වූ පවුල් 15,000ක් සුරක්ෂා මධ්‍යස්ථාන ස්ථාන 515ක තවමත් රැදී සිටින බව වාර්තා වේ.

මේ අය පදිංචි කිරීම සඳහා සුදුසු තැන් සොයා ගැනීම විශාල අභියෝගයක්ව තිබෙන බවත් පැවසේ.

කාලගුණ ආපදාවෙන් විපතට පත් වූ පවුල් 65,140ක් නැවත පදිංචි කොට ඇති අතර, මේ අනුව ඉවත් කර ඇති කඳවුරු සංඛ්‍යාව 1,650කි.

විපතට පත් වූ අයට දැන් අවශ්‍ය වන්නේ එදිනෙදා අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවලට වඩා ස්ථාවර නිවාස සහ ඒවාට අවශ්‍ය උපකරණ යනාදිය බව පැවසේ.

මීට පෙර පදිංචිව සිටි ස්ථානවල පදිංචි කිරීමට නොහැකි පවුල් විශාල සංඛ්‍යාවක් ද මේ පිරිසේ සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න