Ne-Yo, ශ්‍රී ලාංකික රසික ප්‍රජාව ගෙන් සමාව ඉල්ලයි

Ne-Yo, ශ්‍රී ලාංකික රසික ප්‍රජාව ගෙන් සමාව ඉල්ලයි

කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය අවලංගු කිරීමෙන් අනතුරුව අන්තර්ජාතික R&B තරුවක් වන Ne-Yo ශ්‍රී ලාංකික රසික ප්‍රජාව වෙතින් සමාව අයැද ඇත.

ඔහු විසින් තබන ලද සමාජ මාධ්‍ය සටහනක සඳහන් ව ඇත්තේ, තම ශ්‍රී ලාංකික රසික පිරිස සමග “රොක් වීමට බලාපොරොත්තු වන” නමුත් “අනපේක්ෂිත තත්ත්ව” හේතුවෙන් ඉදිරියට යෑමට නොහැකි වූ බවයි. ඔහු ඒ වෙනුවෙන් තම “සමාව” ප්‍රකාශ කරන අතර ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව රසික ප්‍රජාවට සහතික වි ඇත.

“අපි ඉක්මනින් මෙය නැවත උත්සාහ කරමු. සියලු ආදරය සහ ගෞරවය,” යනුවෙන් Ne-Yo සදහන් කර ඇත.

දෙසැම්බර් 28වන දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය අවසාන මොහොතේ අවලංගු කළ අතර, උත්සව සංවිධායකයින්ට එරෙහිව වංචා පැමිණිලි ගොනු කිරීමට ද කටයුතු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න