ත්‍රස්තවාදයට එරෙහිවීම මුවාවෙන් ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු අතිශය අවධානම්කාරී මර්ධනීය නීති (Draconian Laws) හඳුන්වා දීමට රජය පියවර ගන්නේ නම් එයට කොන්දේසි විරහිතව විසින් සිය විරෝධය පළකර සිටින බව දිනන දකුණ සාමුහිකය සඳහන් කරයි.
එම සංවිධානය මෙලෙස සඳහන් කරන්නේ මේ වනවිට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය සම්මත කරගන්නට උත්සාහ කරන නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත (PSTA) පිළිබඳව සිය සංවිධානයේ විරෝධය පළ කරමිනි.
මෙම පනත් කෙටුම්පත ඉවත් කරගෙන මෙයට ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳව පුළුල් මහජන කතිකාවක් ආරම්භ කරන ලෙසත්, ඒ අනුව පුරවැසි දෘෂ්ටිකෝණය අනුව පෙනෙන ඉහත කී දුර්වලතා මගහරින නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙසත් 'දිනන දකුණ' සංවිධානය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකර සිටි.
මතු පළ වන්නේ දිනන දකුණ සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

