දිගු කාලයක සිට ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ නියැළෙන සියලු දෙනා ගේ බලාපොරොත්තුවක් වූ සිනමා පාසල ගොඩනැගීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තමා වෙත පොරොන්දු වූ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවති ශ්‍රී ලාංකීය සිනමාව තුළ 75 වසරක (1947 - 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම සහ ''සිනමා විමර්ශි - ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය'' ජනගත කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස: ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනි සේරසිංහ, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ තිස්ස ලියනසුරිය සහ තාක්ෂණ ශිල්පි ඩෙරික් ප්‍රනාන්දු සහභාගි වූහ.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහදස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ හැකි ඉක්මනින් ම සිනමා පාසල ගොඩනැගීමට සඳහා සුදුසු භූමියක් පිළිබඳව සොයාබලන ලෙසත්, ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව ද තමන් දැනුවත් කරන ලෙසත් ජනාධිපතිවරයා අමාත්‍යවරයා වෙත දැන් වූ බවයි.
1925 වසරේ දී ඇරඹි ශ්‍රී ලාංකීය සිනමාව තුළ 75 වසරක (1947 - 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම සිදු කරන ලද්දේ රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති, ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර විසිනි.
මෙම අවස්ථාවේ දී ''සිනමා විමර්ශි - ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය'' අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත පිරිනැමී ය.
ඒ සඳහා සඟරාවේ සංස්කාරකවරු සහ සංස්කාරකවරියන් ලෙස කටයුතු කළ: රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනේස් දිසානායක බණ්ඩාර, උප සභාපති සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ, සිනමාවේදී කේ. ඩි . රත්නම්, සිනමාවේදී ලලිත් රත්නායක, සිනමා විචාරක ගුණසිරි සිල්වා, කථිකාචාර්ය අනූෂා සිවලිංගම්, සිනමාවේදී ශමීර නාඔටුන්න, අංගරචනා ශිල්පී නාරද තොටගමුව, සිනමාවේදී ප්‍රියන්ත කළුආරච්චි, ජ්‍යේෂඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා, සිනමා විචාරක චතුර ජයතිලක, ජ්‍යේෂඨ කථිකාචාර්යෆාතිමා ශානාස් සහ රංගවේදිනී සමනලී ෆොන්සේකා යන අය සහභාගි වූහ.
හොඳම චිත්‍රපට 25 තෝරා ගැනීම සඳහා150 දෙනෙකු ගෙන් සමන්විත වෘත්තීයවේදීන් පිරිසක ගෙන් යුත් නියැදියක් ඇසුරින් කළ සමීක්ෂණයක් උපස්තම්භක කරගත් බව රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති, ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර පැවසී ය.
මතු පළ වන්නේ එලෙස තෝරාගත් සිමා නිර්මාණ විසිපහේ නාම ලේඛනය යි.
01. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
02. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
03. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
04. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
05. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
06. දඩයම - වසන්ත ඔබේසේකර
07. පාර දිගේ - ධර්මසේන පතිරාජ
08. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
09. තුංමංහංදිය - මහගම සේකර
10. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
11. විරාගය - තිස්ස අබේසේකර
12. මේ මගේ සඳයි - අසෝක හඳගම
13. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ
14. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ
15. සත්සමුදුර - සිරි ගුණසිංහ
16. ඉර මැදියම - ප්‍රසන්න විතානගේ
17. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර
18. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්
19. රේඛාව - ලෙස්ටර් ජේම්ස් පීරිස්
20. සොල්දාදු උන්නැහේ - ධර්මසේන පතිරාජ
21. අහසින් වැටෙයි - විමුක්ති ජයසුන්දර
22. තුන්වෙනි යාමය - ධර්මසිරි බණ්ඩාරනායක
23. ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පිරීස්
24. හාරලක්ෂය - ටයිටස් තොටවත්ත
25. මිල්ලේ සොයා - බූඩී කිර්තිසේන
මෙම සිනමා නිර්මාණ 25 අතුරෙන් වැඩිම නිර්මාණ ප්‍රමාණයක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්සි පීරිස් ගේ නාමය සඳහන් වීම සුවිශේෂී ය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමා නිර්මාණ හයක් මෙම නිර්මාණ ගොන්නට ඇතුළත් වී තිබේ.
දෙවන ස්ථානය හිමි වන්නේ ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂවරයාට ය; ඔහු ගේ සිනමා නිර්මාණ හතරක් මෙම නිර්මාණ ගොන්නට ඇතුළත් වී තිබේ.
තෙවන ස්ථානය හිමි වන්නේ ප්‍රසන්න විතානගේ සිනමා අධ්‍යක්ෂවරයාට ය; ඔහු ගේ සිනමා නිර්මාණ තුනක් මෙම නිර්මාණ ගොන්නට ඇතුළත් වී තිබේ.
සටහන - ජයසිරි අලවත්ත

