තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (29) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවය.
මෙම සිද්ධියට සම්බන්ධව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පසුගිය නඩු වාරයේදී ඇප මත මුදා හැර තිබිණ.
නඩුවේ පළමු සැකකරු අද දින Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, අදාළ නඩුව ලබන 19 වනදා නැවත කැඳවීමට නියමිතව තිබෙනවා.

