දොස්තර චමල් සංජිව වෙතින් ඉන්දීය අගමැති වෙත විශේෂ සංදේශයක්

දොස්තර චමල් සංජිව වෙතින් ඉන්දීය අගමැති වෙත විශේෂ සංදේශයක්

ශ්‍රී ලංකාව තුළ ඖෂධ නියාමනය, සැපයුම සහ බෙදා හැරීම බරපතළ අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවක රට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ දියුණු ඖෂධ පරීක්ෂණාගාර ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජයේ තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති සහ සමගි ජන බලවේගයේ දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සන්දේශයක් යොමූ කර ඇත.

මෙම සංදේශය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා හරහා ඉන්දියානු රජය වෙත යොමු කිරීම සඳහා ඊයේ (29) ඉන්දියානු තානාපති කාර්යාලය වෙත භාරදීම සිදු කෙරුණා.

මෝදි ගේ අවධානයට ප්‍රධාන කරුණු හතරක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට ජනතාව ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ඔහු මෙම සංදේශය හරහා වැඩිදුරටත් ඉල්ලා ඇත. මෙහි දී වෛද්‍ය චමල් සංජීව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගේ අවධානය ප්‍රධාන කරුණු හතරක් කෙරෙහි යොමු කර ඇත.

1. ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ඖෂධ නියාමනය සහ තත්ත්ව පාලන සඳහා රසායනාගාරයක් පිහිටීමට මූල්‍ය සහ තාක්ෂණික සහය ලබාගැනීම.

2. උසස් රසායනාගාර උපකරණ, විශ්ලේෂණ තාක්ෂණ සහ තත්ත්ව සහතික පද්ධතියක් ස්ථාපිත කිරීම.

3. ශ්‍රී ලංකාවේ නියාමන විද්‍යාඥයින් සහ තාක්ෂණ නිලධාරීන් සඳහා වෘත්තිය සහ ධාරිතා පුහුණුව ලබාදීම.

4. ඖෂධ සහ සෞඛ්‍ය අංශවල තිරසර බව සහතික කිරීම සඳහා දීපාර්ශ්විකව දියුණු මෙන් ම වෘත්තිය නිපුණතාව සහිත කණ්ඩායමක ගේ සහය ලබාගැනීම.

ශ්‍රී ලංකා ඉන්දියා සෞඛ්‍ය ගිවිසුමේ ඇති කරුණු මොනවා ද...?

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සංදේශය භාරදීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව...

“ශ්‍රී ලංකාවේ ජනතාව ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රජයේ මූලික වගකීමක්, සාම්ප්‍රදායික දේශපාලන දෘෂ්ටි කෝණයන්ගෙන් ඔබ්බට ගොස් ලෝක ප්‍රවණතා අනුව වෙනස් වන සෞඛ්‍ය කේෂ්ත්‍රයට අනුව අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය වෙනස් කිරීම සඳහා වූ නව මානයන් කෙරෙහි රජය අවධාන යොමු යුතුයි. ඒ වගේ ම ශ්‍රී ලංකා ඉන්දියා සෞඛ්‍ය ගිවිසුමේ ඇති කරුණු ගැන වෘත්තිය නිපුණතාවයක් සහිත පිරිසකගේ අදහස් ලබාගැනීමකින් තොරව එම යෝජනා ක්‍රියාත්මක නොකරන ලෙසත් අපි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න