වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීම පසුගිය (10) දා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක ගේ මූලිකත්වයෙන් සිදුකර තිබූ අතර එම සමාගම වසා දමන බවට ඇතැම් පාර්ශව අසත්‍ය ප්‍රචාර රැගෙන ගිය ද වත්මන් රජයේ නිසි කළමනාකරණය සහ සේවකයන්ගේ කැපවීම මත සමාගම වඩාත් සුරක්ෂිත සේවාවක් ඉටුකරන බව එහි දී වැඩිදුරටත් කරුණු පැහැදිලිකර තිබිණි.
නමුත් කුඩා දරුවන්ට හා ගර්භණී මව්වරුන්ට නොමිලේ ලබා දිය යුතු ත්‍රීපෝෂ පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා මාස 3ක කාලයක් නිකුත් කිරීමට එම සමාගම අසමත්ව ඇත.
මේ වසරේ මීට ඉහත දීත් මේ ආකාරයටම ත්‍රීපෝෂ නිකුත් කිරීම ඇනහිට තිබූ අතර, නිෂ්පාදන අමුද්‍රවය සපයා ගැනීම සහ ප්‍රසම්පාදන ගැටලු ඊට බලපා ඇත.
තව දුරටත් මේ වසර තුළ ත්‍රීපෝෂ බෙදා හැරීමට එම සමාගමට නොහැකි වන අතර, 2026 ජනවාරි මස සිට එම දුර්වලතාව මග හරිමින් අඛණ්ඩව සිය නිෂ්පාදන ලබාදිමට කටයුතු කරන බව එහි සභාපති අමල් අත්තනායක පැවසී ය.
ජනක බෝකුඹුර

