දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
වාර්තාවන්ට අනුව, ආපදාව අවම කිරීම සඳහා අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් තම මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස නීතිඥ කීර්ති බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යය හරිණි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ, තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන අතර, පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන් ම විනාශයට පත්වූ බව ය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු චෝදනා කරයි.
ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමකින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු කියා සිටී.

