ආණ්ඩුව විගණකාධිපති පත්නොකරන්නේ වංචා දූෂණ වසා ගැනීමටයි - නාමල් රාජපක්ෂ

ආණ්ඩුව විගණකාධිපති පත්නොකරන්නේ වංචා දූෂණ වසා ගැනීමටයි - නාමල් රාජපක්ෂ

මේ වන විට මාස අටක්  තිස්සේ ශ්‍රී ලංකාවේ විගණකාධිපති  ධූරය පුරප්පාඩුව පවතී. ජනාධිපතිවරයා ඒ තනතුරට තමුන්ගේ හිතවතකු පත් කරගන්නට දරන ලද  උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැලක්වීම නිසා ඇතැම් ඇමතිවරුන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව විවේචන ඉදිරිපත් කරන්නටද පටන් ගෙන ඇති  බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේය.

කෙසේ හෝ විගණකාධිපති තනතුරට සුදුස්සකු පත් නොකිරීමට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචා දූෂණ වසා ගැනීමට බවද මන්ත්‍රීවරයා අවධාරණයෙන් පැවසීය.

ආණ්ඩුව නීති විරෝධී ලෙස කැබි ආනයනය  කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම, වරායෙන්  නීති විරෝධී ලෙස කන්ටේනර් 323 ක් පිටකිරීම, බාල බෙහෙත් ආනයයනය කිරිම වැනි දූෂිත ගනුදෙනු සිදු කිරීමට ඍජුව ක්‍රියා කරන විගණකාධිපතිවරයකු සිටීම ආණ්ඩුවට බාධාවක් වන බැවින් තමන්ගේ හිතවතෙකු එම තනතුරට පත්කර ගැනීමට ආණ්ඩුවේ බලවතුන් නිර්ලජ්ජීත උත්සාහයක් දරන බව මන්ත්‍රීවරයා  වැඩිදුරටත් කීය.

ආණ්ඩුවේ මෙම සෙල්ලමින් විදේශ ආධාර පවා අර්බුදයක..

ආණ්ඩුව විගණකාධිපති තනතුර සමඟ කරන මෙම සෙල්ලම නතර නොකළහොත් ශ්‍රී ලංකාවට විදේශාධාර සපයන රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන වන ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ආදි ආයතනවලින් ණය සහ ආධාර සැපයිිමටද එය හානිකර ලෙස බලපාන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

ඕනෑම ජාත්‍යන්තර ආයතනයක් සිය ආධාර සපයන්නේ විධිමත් විගණනයකට යටත්වය. එවැනි විගණනයක් කිරීම සඳහා විගණකාධිපතිවරයෙකු නොමැති රටකට ආධාර  සැපයීමට කිසිදු රටක් හෝ සංවිධානයක් ඉදිරිපත් නොවීම බලවත් අනතුරක් බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතු යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න