කොළඹ මහනගර සභාවේ අය වැය මාලිමාව ජයග්‍රහණය කරයි

කොළඹ මහනගර සභාවේ අය වැය මාලිමාව ජයග්‍රහණය කරයි

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.

මෙවර අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවී ඇති අතරවිපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු දඑහි දී එය පරාජයට පත්වුණි. පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි. එවන් පසුබිමක අද (31) යළිත් වරක් නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් විසින් කොළඹ මහ නගර සභාවේ අයවැය සභාවට ඉදිරිපත් කරනු ලැබුවා ය.

අනතුරුව කොළඹ මහ නගර සභාවේ අයවැය සම්බන්ධයෙන් දෙවැනිවරට ඡන්ද විමසීම පැවති අතර එහිදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න