ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම රෝහල් පද්ධතිය තුළ පවත්නා ගැටලු පිලිබඳව රජය සමග කළ සාකච්ඡාවල දීතම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යෝජනා සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් එකඟත්වයකට පැමිණි කාරණා හැකි ඉක්මනින් ක්‍රියාවට නැගිය යුතු බව රජයට අවධාරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ එම සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
පසුගිය දිනවල දී තම සංගමය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටි ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව නවතා දැමුව ද රජය දිගින් දිගට ම මෙම ප්‍රශ්න මග හරින්නට උත්සාහ කරන්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියා මාර්ගවලට ඒළඹීමට සිදුවන බව ද වෛද්‍ය වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කළේ ය.

