අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව ඇතැයි එම ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මාධ්‍ය නිදහස පිළිබඳ සංකල්පය අවභාවිතා කරමින් මහජනයා වෙත අසත්‍ය ප්‍රචාර කිරීම තුළින් සමාජ අගතීන් නිර්මාණය කිරීමද පිළිගත නොහැකි තත්ත්වයක් බවත්, එබැවින්, එවැනි ක්‍රියා නියාමනය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සභාපති දිලිෂා අබේසුන්දර සහ උප සභාපති සුජීව සෙනරත් දෙපළගේ අත්සන් සහිත එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ එහි වෘත්තීය සමිතිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

