කැසිනෝ ඇතුල්වීමේ ගාස්තුව දෙගුණ වෙයි: දළ එකතු කිරීමේ බද්ද 18% දක්වා ඉහළට

කැසිනෝ ඇතුල්වීමේ ගාස්තුව දෙගුණ වෙයි: දළ එකතු කිරීමේ බද්ද 18% දක්වා ඉහළට

මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන් සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සඳහා අදාළ වන බදු සංශෝධනයන් 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඊයේ (31) නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම නව සංශෝධන යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක බදු ඉහළ දමා ඇත.

ඒ අනුව, මෙතෙක් පැවති ඩොලර් 50ක ඇතුල්වීමේ ගාස්තුව ඩොලර් 100 දක්වා දෙගුණ කර තිබේ.

කැසිනෝ ශාලාවකට ඇතුළු වන සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගෙන්ම මෙම ගාස්තුව අය කරගෙන රජයට ගෙවීමට අදාළ ව්‍යාපාරිකයන් බැඳී සිටින් බව එහි සඳහන් වේ.

එම මුදල ඩොලර්වලින් හෝ ඊට සමාන විදේශ විනිමය හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය හැකිය.

ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ව්‍යාපාරිකයන් සඳහා මෙතෙක් පැවති 15%ක බද්ද 18% දක්වා ඉහළ නංවා ඇති අතර මෙය මාසිකව රුපියල් මිලියනය ඉක්මවන දළ එකතු කිරීම් සහිත ව්‍යාපාර සඳහා අදාළ වනු ඇත.

මෙම බදු සංශෝධනයන් සිදු කර ඇත්තේ 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධිත) පනත මගින් 1988 අංක 40 දරන ප්‍රධාන පනත සංශෝධනය කිරීම තුළිනි.

මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම කැසිනෝ සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන වෙත දැනුම් දෙන්නේ 2026 ජනවාරි 01 වැනිදා සිට මෙම නව බදු ව්‍යුහය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න