ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ පළමු අදියර 2026 ජනවාරි මස 01 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය උපාලි මාම්පිටිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙම පළමු අදියරේදී පීඨ හතරකට අයත් සිසු සිසුවියන් 2343 දෙනෙකු සිය උපාධි ලබා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණ පීඨය, අධ්‍යාපන පීඨය, මානව හා සමාජ විද්‍යා පීඨය, ස්වාභාවික විද්‍යා පීඨය යන පීඨයන්හි උපාධිධාරීන් මෙහිදී ඇගයීමට ලක් විය.

නව වසරේ උදාවත් සමඟ පැවැත්වුණු මෙම උත්සවය, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවෘත හා දුරස්ථ ඉගෙනුම් ක්‍රමය හරහා සාර්ථකත්වය ලැබූ තරුණ තරුණියන්ගේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ අවස්ථාවක් විය.
 
 
 
cam2
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න