නුවරඑළිය CGR දුම්රිය නිලධාරින් රාජකාරි වාහනයෙන් ගොස් අවුරුදු සමරයි

නුවරඑළිය CGR දුම්රිය නිලධාරින් රාජකාරි වාහනයෙන් ගොස් අවුරුදු සමරයි

උදා වූ අලුත් අවුරුද්ද සැමරීම සඳහා නුවරඑළිය දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද සිය ආයතනයට අයත් රාජකාරී වාහනයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැවට පැමිණ විනනෝද වනු දක්නට ලැබුණි.

ඔවුන් පැමිණ ඇත්තේ රාජකාරියේ නිරතවන අතර බව ද සැල ය.

මෙම අවස්ථාවේ දී පිරිස අධික ලෙස බීමතින් සිටි ආකාරයක්ද දක්නට ලැබුණි.

අද දිනය රාජකාරී දිනයක් වුවද කිසිදු නිවාඩුවක් නොලබා නව වසර සැමරීම සඳහා මෙසේ පැමිණ අසෝබන ලෙස හැසිරීම හේතුවෙන් සමාජයේ  අප්‍රසාදයට ලක් වී ඇත.

මේ පිළිබඳව දුම්රිය ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ ගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ එලෙස රාජකාරී වේලාවේ ඔවුන් ගිය ගමන ගැන තමන් කිසිවක් නොදන්නා අතර ඡායාරූප හා වීඩියෝ ඇත්නම් තමන්ට ද යොමු කරන ලෙස ය.

 

නාලක රත්නායක - නුවරඑළිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න