ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ  තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඇය විසින් මෙම පියවර ගෙන තිබේ.

වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් සහ මතභේදයක් ඇති වූ අතර, අදාළ මොඩියුලය සකස් කිරීමේදී සිදු වූ දෝෂ සහ වගකීම් පැහැර හැරීම් පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධව වහා ම ක්‍රියාත්මක පරිදි පරීක්ෂණයක් ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බවත් එම අමාත්‍යංශය දෙසැම්බර් 30 වන දා නිවේදනය කළේ ය.

English Language First Term Module Grade 6 පොතෙහි මෙලෙස එක් ක්‍රියාකාරකමක ස්ථාන කිහිපයක එලෙස සමලිංගික වෙබ් අඩවියේ නම සඳහන්ව ඇති බව එම පිටුවෙහි රූප සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න