මොරටුව නගර සභාව සඳහා නව පාලනය පත්වීමෙන් පසුව නගරයේ කුණු ඉවත් කිරීමේ කටයුතු අඩාලවි ඇතයි වාර්තාවේ.
මොරටුව ගාලු පාර ආශ්‍රිතව කුණු ඉවත් කිරීමේ කටයුතු තරමක් දුරට සිදුවුවත් අභ්‍යන්තර පාරවල්වල කුණු ගොඩවල් ගොඩ ගැසී තිබේ.
නගරයේ මෙම සේවාවන් සඳහා වරිපණම් ගෙවීම නිසි ලෙස කළ යුතු බවට නගර සභාව ජනතාවට දැනුම් දී ඇතත් කුණු ඉවත් කිරීම වැනි මහජන සේවා ගැන නගරාධිපතිවරයාගේ කිසිදු අවධානයක් නොමැති බව පැහැදිලිව පෙනේ.
රාවතාවත්ත සහ කටුබැද්ද අවට දමැල් පාර ඇතුළු අතුරු මාර්ග වලින් කුණු ඉවත් නොකිරීම නිසා බරපතළ පාරිසරික ප්‍රශ්නද හටගනිමින් පවතී.
මේ පිළිබඳව පළාතේ මන්ත්‍රීවරයා වන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේද අවධානය යොමු කොට පළාතේ පවිත්‍රතාව රැකගැනීමට පියවර ගන්නා මෙන් ප්‍රදේශවාසී ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.


