සජිත් ප්‍රේමාදස ගේ නායකත්වයෙන්, රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙන බවත්, ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (02) සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා...
සාකච්ඡා ධනාත්මක මට්ටමක
‘සමගි ජනබලවේගයෙත් , එක්සත් ජාතික පක්ෂයෙත් එකතුමුතුව පිළිබඳව රටම බලාගෙන සිටිනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව සජිත් ප්‍රේමදාසට එම වගකිම භාර දී තිබෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමග පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබුණා. එම සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතිනවා. ඒ අනුව සමගි ජනබලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් රට වෙනුවෙන් අනිවාර්යෙන්ම එකට එකතු වෙනවා. රටේ දක්ෂිණාංශික කඳවුරට ආදාරය කරන විශ්වාස කරන සියලු ම දෙනාට ඒ නැවුම් බලාපොරොත්තුව ලබාදෙන්න කැමැතියි. ඒ වගේ ම පක්ෂ දෙකේ එකතුවීම පිළිබඳව බහුතරයක් පිරිස බලාපොරොත්තුවෙනුයි සිටින්නේ. ඒ එකතුවීම දරාගැනීමට නොහැකි පිරිසකුත් සිටිනවා. ඒ වගේ ම ආණ්ඩුවේ පිරිසටත් මෙම එකතුවීම දරාගැනීමට නොහැකියි. ආණ්ඩුවේ පිරිස් මෙම එකතුවීමට බයවෙලයි සිටින්නේ. ඒ වගේම පළාත් සභා මැතිවරණයත් වහාම පවත්වන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධ දැවැන්ත එකමුතුව එළිදක්වන්න සුදානමින් සිටිනවා. ඒ වගේම සජිත් ප්‍රේමාදස ගේ නායකත්වයෙන්, රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙනවා. ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම ඇත්ත එක්ක එකතු වෙන්නැයි සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා. ඒ වගේම බොරුව රැවටීම 2026 වසරට ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.
2026 වසරේ අපේ බලාපොරොත්තු
2026 වසරේදී ප්‍රාර්ථනා කිහිපයක් සිදුකරන්න තිබෙනවා. විශේෂයෙන්ම 2025 ජනවාරි මාසයේ සිදුවුණ බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණයක් පවත්වා ඒ සඳහා වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද සහ ඒ හරහා රටට සිදුවුණ පාඩුව පිළිබඳව හැකි ඉක්මනින් රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකර ඒ හරහා රටට සිදුවුණ පාඩුව පිළිබඳව හැකි ඉක්මනින් රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. 6 ශ්‍රේණියේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළේ කවුද ඒ සඳහා වගකිවයුතු පුද්ගලයන් කවුරුන්ද යන්න වහාම රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. රටට බලපැ ආපදා තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා වී තිබිදීත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම හේතුවෙන් රටට විශාල ජීවිත දේපළ හානියක් සිදුවුණා. ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන් කවුරුන්දැයි රටට හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අශෝක රන්වල මන්ත්‍රිවරයාගේ ආචාර්ය උපාධියේ සහතිකය ලබාගෙන රටට පෙන්වන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආණ්ඩුව වෙනුවෙන් අපේ ප්‍රාර්ථනා
පසුගිය කාල සීමාවේදී නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ සිද්ධි ගැන වාර්තා වුණා. ජාතික ජනබලවේග රජය බලය ලබා ගත්තේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදෙමින්. ඒ වගේම දේශපාලඥයින්ටත් නීතිය එකලෙස ක්‍රියාත්මක කරන බවයි ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ. අශෝක රන්වල මන්ත්‍රිවරයාට සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණ ආකාරය රටම දන්නවා. ඒ වගේම ජාතික ජනබලවේගයට බලය හිමි පළාත් පාලන ආයතනවල සභාපතිවරු නගරාධිපතිවරු නිතිය අතට ගෙන කටයුතු කරන ආකාරයක් දකින්න ලැබෙනවා. සියලු දෙනාට ම එක ලෙස මේ වසරේදීත් නිතිය ක්‍රියාත්මක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මේ වසරේ අප්‍රේල් මාසයේදීවත් හෙළි කරන්න ආණ්ඩුවට හැකිවේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. විදුලි බිල , ඉන්ධන මිල අඩු කරන්නත් ආණ්ඩුවට හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සෞඛ්‍ය , අධ්‍යාපනයට , කෘෂිකර්මාන්තයට අයකරන අධික බදු මේ වසරේදීවත් අඩුකරන්න ආණ්ඩුවට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා. උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. උපාධිධාරින්ට එම රැකියා ටිකත් 2026 වසරේදී ලබාදෙන්න ආණ්ඩුවට හැකිවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
අපි ආණ්ඩුව වෙනුවෙන් කාලය දෙන්නම්
විපක්ෂය ආණ්ඩුවට සාධාරණ කාල සිමාවක් ලබා දී තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින විට එවක පැවැති ආණ්ඩුවටල එවැනි සාධාරණ කාලයක් ලබාදෙන්න කටයුතු කළේ නැහැ. නමුත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය එම කාලය ජාතික ජනබලවේග සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් සමගි ජනබලවේගය ඇතුළු දක්ෂිණාංශික කඳවුරේ සියලු ම දෙනා ඒකරාශි කරගෙන මේ වසරේ දී ආණ්ඩුවට විරුද්ධව ගතහැකි සියලු ම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් , ඉන් පිටතදිත් ගැනීමට කටයුතු කරනු ලබනවා.''

