මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව දහන උඳුනට

මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව දහන උඳුනට

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින මත අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන

සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දෙන ලද කිලෝග්‍රෑම් 170 ක පමණ දළ බර ප්‍රමාණයකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක නඩු කටයුතු අවසන් වූ බැවින් අධිකරණයෙන් ලැබූ නියෝග ප්‍රකාරව විනාශ කිරීම සඳහා එම තොගය අද (02) උදෑසන වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත ගෙන යන ලදී.

වැඩිදුර පරීක්ෂණ මගින් අනාවරණය වූ පරදි එම තොගයේ ශුද්ධ බර හෙරොයින් කිලෝග්‍රෑම් 106 ග්‍රෑම් 248 ක් හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අද දින උදෑසන 06.00 ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය තොගය භාරගෙන පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලුව විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය සිදුකරන ලදී.

මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමේ අවස්ථාව අධීක්ෂණය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්, රස පරීක්ෂක කාර්යාලය සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න