රට ම එකට ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන ද එක් වෙයි

රට ම එකට ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන ද එක් වෙයි

මත්ද්‍රව්‍ය රටින් මුලින් උපුටා දැමීම අරමුණු කර ගත් ''රට ම එකට'' ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (02) (අද දින ) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම විශේෂ සාකච්ඡාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දිික වන්නිනායක ඇතුළු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සඳහා දායකත්වය ලබා දීම අරමුණු කර ගත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ''රට ම එකට'' ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය තවදුරටත් ලබා ගැනීම, රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය වඩාත් විධිමත් කිරීම සහ කාර්යක්ෂම ලෙසින් ලබා ගත හැකි ක‍්‍රම හඳුනා ගැනීම, ආයතන අතර සම්බන්ධතාව වර්ධනය කර ගැනීම යනාදී කරුණු පිළිබදව විශේෂ අවධානයක් යොමු කළේ ය.

රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමටත් රට තුළ මත්ද්‍රව්‍ය වෙළදාම වැළැක්වීම සඳහාත් විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක වන තත්වයක් තුළ මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වෙළදාම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් ඔබ්බට ගොස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර නිසි පරිදි සමාජගත කිරීමේ වැදගත්කම අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කළ අතර පුනරුත්ථාපන ක‍්‍රියාවලිය තුළ දී රජය විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පුද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ද වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරන ලදී.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සදහා වන ''රට ම එකට'' ජාතික මෙහෙයුම වඩාත් සාර්ථක කර ගැනීම සඳහා තම උපරිම දායකත්වය ලබා දීමට සාකච්ඡාවට සහභාගී වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් තම එකඟතාවය පළ කළේ ය.

WhatsApp Image 2026 01 02 at 8.53.11 PM 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න