විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් බරපතල වෙනස්කම්වලින් රටේ අනාගත පරපුර "පරීක්ෂණාගාර මීයන්" බවට පත් නොකරන්නැයි ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
ඇය මෙම අදහස් පළ කර සිටියේ Subhashini Wipfler you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
අධ්‍යාපනය බඳු සංවේදී විෂයයක දී තීන්දු තීරණ ගත යුත්තේ පටු දේශපාලන කෝණයකින් නොවන බවත්, නමුත් වර්තමානයේ දී සිදුවන්නේ තමන්ගේ කල්ලියට අවශ්‍ය ආකාරයට පද්ධතිය හැඩගැස්වීම යැයි ඇය අවධාරණය කළා ය.
මතු පළ වන්නේ සුභාෂිණි විෆ්ලර් දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

