2026 අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැලසුම්, ක්‍රියාකාරිත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු පිළිබඳ සොයා බලමින් එම සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළම අවසන් කර ජනතාවට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
එමෙන්ම, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවල වැඩ ආරම්භ කරන ලදුව, මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳවද මෙහි දී අවධානය යොමු කෙරිණි.


