ඉල්ලා අස් විය යුත්තේ හරිණි අමරසූරිය යි - නාමල් රාජපක්ෂ

ඉල්ලා අස් විය යුත්තේ හරිණි අමරසූරිය යි - නාමල් රාජපක්ෂ

මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරියෙකු ගේ ඉල්ලා අස්වීමට වඩා වටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා අස් වීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

නාමල් මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අයතනයේ ප්‍රධානියා ඉල්ලා අස්වී ඇති බවත්, කමිටුවේ ප්‍රධානියා පත් කර ඇත්තේ අගමැතිනිය බවත්, අමාත්‍යාංශය භාරව සිටින්නේ ද අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය බැවින් ඉල්ලා අස්විය යුත්තේ අගමැතිනිය බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ...

''පිටස්තරයෙකුට පොත මුද්‍රණය කළ නොහැකි බැවින් අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක් . කිසිවෙකුට අමාත්‍යාංශ ලේකම්වරයා නොමග යවන්න බැහැ. එක් පුද්ගලයෙකුට විෂයයක් හෝ විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි යි. එම තීරණ ගැනීමේ දී අදාළ අමාත්‍යාංශය බාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අනිවාර්‍යෙන්ම දැන සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න