ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම ආදායම 2025 වසරේ

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම ආදායම 2025 වසරේ

වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන්

පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්තාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත. එමෙන්ම මසක් තුළ ඉැපැයූ වැඩිම මාසික අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 205 ක් ද උපයා ගැනීමට ද පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී එම සංස්ථාවට හැකි වී තිබේ.

අමාත්‍යංශය ලබා දුන් උපදේශකත්වය

මෙම කරුණූ අනාවරණ වුයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07 ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දී ය. මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම අලෙවි ආදායම් ප්‍රගතියට සමගාමීව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පසුගිය වර්ෂය තුළ දී මෙවැනි සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට මූලික වූ කරුණු අතර, අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශය ලබාදුන් උපදේශකත්වය මෙන්ම නිසි සැලසුමකට අනුව කටයුතු කර ගෙන යෑමට ලබාදුන් අවස්ථාව බෙහෙවින් ඉවහල් වූ බව සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී කරුණාරත්න මෙහි දී සඳහන් කළා ය.

හීන් අරත්ත පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක්

නිකවැරටිය, දංගොල්ල, මැදවච්චිය යන ප්‍රදේශවල - දංගොල්ල, මැදවච්චිය සංස්ථාව සතු ඔසු උයන්වල කෙටි කාලීන, මධ්‍ය කාලීන දිගු කාලීන නව ඔසු බෝග වගා කටයුතු සිදු කිරීමට ද අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා ඒකාබද්ධව “ඔසු දිරිය” වගා වැඩසටහන යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුර, පදවිය සිවිල් ආරක්ෂක බළකා කඳවුර, රඹෑව සිවිල් ආරක්ෂක බලකා කඳවුර යන ස්ථානවල වගා ව්‍යාපෘති ද ආරම්භ කිරීමට ද සංස්ථාව කටයුතු කර ඇති බව ද සභාපතිනිය පැවැසුවා ය. එමෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව හීන් අරත්ත පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක් ද පසුගිය වර්ෂයේ දී සාර්ථකව ආරම්භ කිරීමට සංස්ථාවට හැකි වූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

ERP පරිගණක මෘදුකාංග පද්ධතියක් ද ස්ථාපිත කරයි

කාර්යක්ෂම සේවාවක් සංස්ථාව තුළ පවත්වාගෙන යෑම සදහා සංස්ථවේ දිගු කාලයක සිට පුරප්පාඩුව පැවති තොරතුරු තාක්ෂණ, මානව සම්පත් සහ නිෂ්පාදනාගාර කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ද සම්පූර්ණ කිරීමට ද සංස්ථාව පාලන අධිකාරිය පසුගිය වර්ෂයේ දී පියවර ගෙන තිබූ අතර එය ද සංස්ථාවේ මූල්‍ය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල්වී ඇත. නිෂ්පාදන කාර්ය සාධනය මත පදනම් වූ දිරි දීමනා ක්‍රමයක් සංස්ථාවේ ක්‍රියාත්මක වන අතර එමගින් සේවක තෘප්තිය, සේවක අභිප්‍රේ‍රණය ඉහළින් පවත්වාගෙන යෑමට හැකිවී ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සියලුම අංශවල කටයුතු කාර්යක්ෂම සිදුකිරීම සඳහා ඒකාබද්ධව භාවිත කළ හැකි ERP පරිගණක මෘදුකාංග පද්ධතියක් ද ස්ථාපිත කිරීමට සංස්ථාව පසුගිය වර්ෂයේ දී කටයුතු කර ඇත.

වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය වර්ෂයේ අගභාගයේ නාවින්න සංස්ථාවේ දී නව ආයුර්වේද ඖෂධ සහ ශාකසාර නිෂ්පාදනයන් 07 එළි දැක්වීමට ද සංස්ථාව කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, මහරගම නාගරික මන්ත්‍රීවරුන් වන සමන් තලගල, මොහොමඩ් හයිරුඩීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සමන්ති රණසිංහ සහ ශම්මි දෙනාවත්ත, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී සී කරුණාරත්න, කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජේ මාරසිංහ, ආයුර්වේද කොමසාරිස් දීප්ති සුමනසේන අය මෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවල නිළධාරීන්, දේශීය ආයුර්වේද විශ්ව විද්‍යාලයන්හි ආයුර්වේද වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිවරුන්, අලෙවි නියෝජිතවරුන් ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටියහ.durg

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න