ජවිපෙ, වෙනිසියුලා ජනපති සහ බිරිඳ පැහැර ගැනීම හෙළා දකියි

ජවිපෙ, වෙනිසියුලා ජනපති සහ බිරිඳ පැහැර ගැනීම හෙළා දකියි

ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණ තරයේ හෙළා දකින බව එම පක්ෂය සඳහන් කරයි.

ජවිපෙ මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේ ද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට බවත්, එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙහි දේශපාලන බල මණ්ඩලය නියෝජනය කරමින් නිකුත් කර ඇති එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ ජනතා විමුක්ති පෙරමණු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න