Free Lawyers වි.වි.ප්‍ර.කො. සභාවට එරෙහිව නඩු මගට 

Free Lawyers වි.වි.ප්‍ර.කො. සභාවට එරෙහිව නඩු මගට 

විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව  Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

 

පනතේ විධිවිධාන නොතකා කටයුතු කරන්න වි.වි.ප්‍ර.කො.ස. ට බලයක් නැහැ

රටේ ක්‍රියාත්මක නීතිය වන 1978 විශ්වවිද්‍යාල පනතට පටහැනිව කටයුතු කරමින්, විශ්විවිද්‍යා ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වන විට පිඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කිරීම නවතා දමා ඇත. එය  නීති විරෝධී සහ පරිපාලන නීතියේ මූලධර්මවලට පටහැනි බව Free Lawyers පවසයි. පාර්ලිමේන්තුවේ පනත් සංශෝධනයක් කතානායකවරයා, තහවුරු කර ක්‍රියාත්මක කිරීමකින් තොරව නීතියක් බවට පත් වන්නේ නැත. කැබිනට් තීරණයක්, ගැසට් නිවේදයක් හෝ පාර්ලිමේන්තුව වෙත කෙටුම්පතක් ඉදිරිපත් කිරීමකින් හෝ එය නීතියක් වන්නේ ද නැත. ව්‍යවස්ථාපිත ආයතනයක් වන වි.වි.ප්‍ර.කො.ස. දැනට බලපත්නා නීතියක්  ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් බලය සහිත ආයතනයකි.  පනතේ විධිවිධාන නොතකා කටයුතු කිරීමට එයට බලයක් නැත. මෙරට විශ්වවිද්‍යාල ස්වාධීනව කටයුතු කිරීම සඳහා වන බලයක් සහිත ආයතනයකි. අංශාධිපතිවරුන් සහ පීඨාධිපතිවරුන් පත් කිරීමේ බලය ද එයට ඇතුළත් ය.

මූලික හරය බිඳ වැටේ

විනිවිද භාවයක් සහිත ශ්‍රාස්ත්‍රීය නායකත්වය, ආයතනික ස්වාධීනත්වය, යහපත් පාලනය එහි අංගයන් වෙති.  ‘වැඩබලන අංශාධිපතිවරු සහ පීඨාධිපතිවරු' පත් කිරීම තුලින් එහි මුලික හරය බිඳවැටේ. 

*ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කිරීම (නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ නීතියේ සමාන ආරක්ෂාව);

*රාජ්‍ය ආයතන බැඳ තබන මහජන විශ්වාස මූලධර්මය උල්ලංඝනය කිරීම; සහ

*විධායක සහ පරිපාලන ක්‍රියාමාර්ගවල සාධාරණත්වය, නීත්‍යානුකූලභාවය සහ ක්‍රියා පටිපාටික සාධාරණත්වය පිළිබඳ මූලධර්ම උල්ලංඝනය කිරීම පිළිබඳ වි.වි.ප්‍ර.කො.ස. වෙත ලිපිය මගින් චෝදනා කර ඇත.

නීතිඥ සංවිධානය විසින් ඉල්ලා සිටින්නේ: 

1.නිලවරණ පැවැත්වීම කල් දැමීමේ නියෝගය වහාම ඉල්ලා අස්කර ගැනීම හෝ අවලංගු කිරීම;

2.1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ පවතින විධිවිධානවලට අනුකූලව පීඨාධිපතිවරුන් තෝරා පත් කර ගැනීම සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම සිදු කරන ලෙස සියලුම විශ්වවිද්‍යාලවලට නියෝග කිරීම; සහ

3.බලාත්මක නොකළ ව්‍යවස්ථාදායක වෙනස්කම් සිදුවන තුරු කිසිදු ව්‍යවස්ථාපිත ක්‍රියාවලියක් අත්හිටුවන්නේ නැති බව ලිඛිතව තහවුරු කිරීමට  පියවර ගන්නා ලෙසයි.  

එසේ නොවන්නේ  නම් අභියාචනාධිකරණයේ හෝ හ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සිදු වන බව ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා විසින් යොමු කළ ලිපියේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න