එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය පක්ෂය හා අනිවාර්යයෙන්ම එකතු වන බව ද, එහි නායකයකත්වය සජිත් ප්‍රේමදසට හිමි වෙද්දී රනිල් වික්‍රමසිංහ එම සංවිධානයේ (ජ්‍යෙෂ්ඨ නායකත්වයක්) උසුලමින් එම කණ්ඩායමට උපදෙස් ලබාදීමට නියමිත බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවැසීය.
ඔහු එසේ කීවේ ඊයේ (04) දහවල් සජබ කොළොන්නාව ආසන සම්බන්ධීකරණ ප්‍රධාන කාර්යාලයේ රැස්වීමකදීය.
ඔහු මෙසේ ද කීවේය.
“ජාතික ජන බලවේගය පක්ෂය බොරු කියා බලය ගත්තාට දැන් හැම වැඩක්ම අනාගෙන තිබෙනවා. පසුගිය සුළි කුණාටුව හා ජල ගැලීම ඊට හොඳම උදාහරණයයි. මෙම ආපදාවලට ලක්ව සිටින ජනතාවට නිවාස පවිත්‍ර කරගැනීමට රුපියල් 25,000ක මුදලක් ලබාදෙන්න එක් අයදුම්පතක් සම්පූර්ණ කරව ගත්තා. ඒ හරහාම එම පිරිසට රුපියල් 50,000 නොදී තවත් අයදුම්පතක් පිරවීමට පියවර ගෙන තිබීමත් එවැනි ක්‍රියාවක්. බලය තියෙනකොට මොළය නැහැ කියන්නේ මේකට තමයි. රජයට ජනමතය බලන්න ඕනෑ නම් දැන් පළාත් සභා ඡන්දය තියා පුළුවන් නම් දිනාගන්නැයි තමා අභියෝග කරන බව ද මරික්කාර් කීය.
(කොළොන්නාව - ඒ. සුමනසේන)

