පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන අද ඉන්දියානු නිවසේ දී ( indian house ) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවිය. එහි දී දොස්තර කවින්ද ජයවර්ධන,
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලංකාවට සිදු වූ විශාල හානිය පිළිබඳවත්, එම අවස්ථාවේ දී ඉන්දීය රජය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මැතිතුමාත්, ඉන්දීය ජනතාවත්, ලංකාවට ලබා දුන් ඉමහත් සේවය ඇගයීමට ලක් කළේ ය.
එහිදී විශේෂයෙන් ම ආපදාවට ලක් වූ ජනතාව සඳහා ලබා දුන් අත්‍යවශ්‍ය සේවා , අත්‍යවශ්‍ය උපකරණ, වියළි ආහාර, ඖෂධ , මහා මාර්ග පිළිසකර කිරීම සහ පාලම් ලබාදීම, දුම්රිය මාර්ග පිළිසකර කර ජනතා අයිතියට පත් කිරීම, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ ශ්‍රම දායකත්වය ලබාදීමට ඉන්දීය රජයේ කටයුතු කළ බව සිහිපත් කළේ ය.
තවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ලංකාවට පැමිණ ඩොලර් මිලියන 450ක් ලබාදීමට කටයුතු කර ඇත. ඉන්දීය රජය ලංකාවට ලබා දුන් සෑම සහයෝගයකට ම ස්තුතිය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන, ශ්‍රී නරේන්ද්‍ර මෝධි අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා ලිපියක් ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා වෙත බාර දුන්නේ ය.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර දීර්ඝ කාලීනව පවතින්නා වූ අන්‍යෝන්‍ය සබඳතා හිතවත්කම් පිළිබඳවත්, ඉන්දියාව තවදුරටත් ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය. එහි දී ඉන්දීය වෛද්‍යවරුන් සහ ඉන්දියානු හෙද කාර්ය මණ්ඩලය ලබාදුන් සේවය පිළිබඳව ස්තුතිය ඉන්දියානු මහ කොමසාරිස් වෙත ස්තුතිය පුද කිරීමට ද දොස්තර කවිින්ද ජයවර්ධන අමතක නොකළේ ය.

