නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ.
2025 වසරේ සිට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් මසකට රු.200 බැගින් වාර්ෂිකව රු.2400ක කසල බද්දක් අය කිරිමට තිරණය කර ඇති බව ඔවුහු කියති.
එමෙන්ම එම මුදල එක්වර වාර්ෂිකව ගෙවන වෙළදසැල්වල පමණක් වෙන් කර දෙන කැලිකසල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන බවට තමන්ට දැනුම් දී ඇති බවද උද්ගෝෂණයේ නිරතව සිටි බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආදායම් ලබන ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් බවත්, එවැන් ප්‍රාදේශීය සභාවක් මගින් කැලි කසල බද්දක් අය කිරිම අසාධාරණ බව උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස පවසයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් නගරයේ පොදු කටයුතු කිහිපයක් සිදු කර ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බවත්, තමන්ට දැනට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙන පානීය ජලය පවා පිරිපහදු නොකර ලබා දෙන නිසා එම ජලය පානය කිරිමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇති බවද ඔවුහු කියති.
පැයක පමණ කාලයක් වෙළදසැල් වසා උද්ගෝෂණය අවසන් කිරිමෙන් පසු යලිත් බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරනු ලැබුවා.
අප මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන්ගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවලට කසල බද්දක් අය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාවරයා විසින් මීට ප්‍රථම නිකුත් කර තිබූ චක්‍රලේඛනයේ සදහන් මුදලට වඩා අඩු මුදලක් කසල බද්ද වශයෙන් අය කිරිමට තීරනය කළ බවයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට මෙම කසල බද්ද අනිවාර්යයෙන් අය කළයුතු බව සභාපතිවරයා කියා සිටියේය.
මෙම ගැටළුව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරකරයා සහ මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්තුමිය දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
( lankadeepa | රංජිත් රාජපක්ෂ)

