විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (06) පාර්ලිමේන්තුවේ දී පරිසර ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට කතානායකවරයා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු දිගින් දිගටම එයට විරෝධය පළ කළ ඇත.
විපක්ෂ නායකවරයා එම අවස්ථාවේ දී මෙලෙස විමසා ඇත.
''රක්ෂිත, පරිවාර රක්ෂිත හා වනාන්තර සුරක්ෂා කිරීම ගැන පරිසර අමාත්‍යවරයා පැහැදිලි කළා. මේ වනාන්තර සුරක්ෂා කිරීම සිංහරාජය ඇතුළු රට පුරාම ක්‍රියාත්මක විය යුතු යි. හක්වටුනාව ජලාශ්‍රයේ රක්ෂිතය ආරක්ෂා කරන්න හේරත්ගම අඩවිවන නිලධාරි කාර්යාලයේ චතුර ගුණරත්න මාරු කර යවනවා. ඊට අමතරව ගල්ගමුව කුඹුක්වැව වන සංරක්ෂණයට අයිති භූමියක අනවසර පස් කැපීම සිදු කරන විට ඒ පිලිබද සොයාබලන රජයේ නිලධාරින්ට බාධා කරනවා. මෙවැනි දේවල් මැද රක්ෂිත ආරක්ෂා කරන්නේ කෙසේ දැයි ගැටලුවක් පවතිනවා.''
කතානායකවරයා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු දිගින් දිගටම එයට විරෝධය පළ කර ඇත්තේ මෙම ප්‍රශ්න සඳහා පිළිතුර සපයනවා වෙනුවට ය.

