අපි වැඩ කරන්නෙ ජනතාව වෙනුවෙන් - අමාත්‍ය කුමාර ජයකොඩි

අපි වැඩ කරන්නෙ ජනතාව වෙනුවෙන් - අමාත්‍ය කුමාර ජයකොඩි

රජය ජනතාව ගේ අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කරන බවත්, තෙල්, සුළං හෝ සෝලා විදුලි මාෆියාවකට යටත්ව කටයුතු නොකරන බවත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

ඔහු මේ අදහස් පළ කළේ අද (06) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම අවස්ථාවේ දි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

''2024 වසරේ විදුලි ඒකකයක සාමාන්‍ය මිල රු. 37.00 යි. මේ වන විට එය රු. 29.00 දක්වා අඩු කිරීමට සමත් වෙලා තියෙනවා. ඉදිරියේ දී මේ මිල රු. 25.00 දක්වා අඩු කිරීමට කටයුතු කරනවා. ඒ අනුව 2024 වන විට තිබූ මිලෙන් 32% ක අඩු මිලකට විදුලිය ලබා දීමට හැකි වෙනවා..

පසුගිය මාසයේ දී ඉන්ධන මිල සංශෝධනය කළ යුතුව තිබුණත්, රටේ තිබුණු ව්‍යසනකාරී තත්ත්වය නිසා මිල වැඩි වීමක් කළේ නැහැ. විපක්ෂ නායකතුමා අදහස් කරන පරිදි වරායට ගොඩබාන මිලට ඉන්ධන විකිණිය නොහැකි යි. ඉන්ධනහල් දක්වා විශාල බෙදා හැරීමේ වියදමක් තිබෙනවා. එය සැලකිල්ලට ගෙන එහෙත් ජනතාවට සහන වශයෙන් අවම ලාභයක් පමණක් තබාගෙන ඉන්ධන අලෙවිය සිදු කරනවා.''

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න