සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, පොදු ජනතාව සහ ජන මාධ්‍ය ඇතුළු සියලු දෙනා ගේ සම්බන්ධීකරණයෙන් බෝ නොවන රෝග සඳහා වන කාර්ය සාධක බලකායක් මේ වන විට ආරම්භ කරමින් පවතින බවත්, එහි මුලික සාකච්ජා මෙම සතියේ පැවැත්වෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රණීත ආහාර වේලක් ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළෙහි නියමු ව්‍යාපෘතිය අද (06) මහරගම අපේක්ෂා රෝහලේ දී ආරම්භ කරන අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
විශාලතම අභියෝගය බෝනොවන රෝග
''පිළිකා රෝග, හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන පද්ධතියට අඳාළ රෝග සහ දියවැඩියාව වැනි රෝග කෙරෙහි මුලික අවධානය යොමු කරමින් ඊට අඳාළව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද සම්බන්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඒ ඔස්සේ අඛණ්ඩව බෝ නොවන රෝග පාලනය කර මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරනවා. වර්තමානයේ තිබෙන විශාලතම අභියෝගය බෝනොවන රෝග යි. මහරගම අපේක්ෂා රෝහලේ සංඛ්‍යා ලේඛණ අනූව වර්ෂයකට ලක්ෂ තුනක් සායන සඳහා පැමිණෙනවා. එයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා.
වසරකට අලුත් පිළිකා රෝගීන් තිස්පන් දහසක්
වසරකට අලුත් පිළිකා රෝගී තිස්පන්දහසක් මෙරටින් මු වෙනවා. එයින් එකොළොස් දහසක් මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. රජය වැඩිම මුදලක් වැය කරන්නේ ද බෝ නොවන රෝග පාලනය සඳහායි. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අනෙකුත් රෝහල්වලටත් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවි. මෙය සාමූහික කටයුත්තක්. මෙම නියමු ව්‍යාපෘතිය නිරීක්ෂණය කර තම කැමැත්ත අනුව තවත් රෝහල්වල මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආධාර උපකාර කරන්න කැමති අයට අපි ඒ සඳහා ආරාධනා කරනවා.''
රෝගියාට ආහාර ගැනීමට රුචියක්
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වන්නේ: පිඟානකට හොදි, එළවළු සහ මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම යි. එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව විෂයට අඳාළ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතියට සමගාමීව රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාග සහිතව ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන් ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වැයකර ඉදිකළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සඳහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත මුළුතැන්ගෙය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අපේක්ෂා රෝහලේ දී අද විවෘත කරන ලදී.
‘kitchen’ වෙනුවට 'Food and Beverages Department'
එම මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇති අතර නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී ඇත.
සහයෝගිතා පිරිස
මහරගම අපේක්ෂා රෝහලේ පාලන අධිකාරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන මෙම විශේෂ වැඩසටහනට රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ලේඩි ජේ ආයතනය, හයිඩ්‍රාමනි ආයතනය සහ ග්‍රෑන්ඩ් මොනාක් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, හෝටලය, සුමනදිසි සමූහ ව්‍යාපාරය, නෝර් ලංකා මැනුෆැක්චරින් කලම්බෝ ලිමිටඩ් එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගීතාවය ලබා දී ඇත.
මෙහි දී ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සම්පාදිත පෝෂණ මාර්ගෝපදේශ කිහිපයක්ද එළිදැක්වී ය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මදුසංක, හිටපු බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.අයි.කුලකුලසුරිය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයනි තෙන්නකෝන්, රෝහල් කමිටු සභාපති බිනර ජයවර්ධන අය මෙන් ම පරිත්‍යාගශීලීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

