2025 වසරේ දී ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සහ සංක්‍රමණික සේවක ප්‍රේෂණ අතින් ඓතිහාසික සන්ධිස්ථාන ගණනාවක් අත්කර ගැනීමට අපේ රට සමත් වූයේ යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසි ය.
ඔහු මෙම අදහස් පළ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මුලසුන දැරූ සහ විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයාත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාත් සහභාගීත්වයෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.
මෙම මාධ්‍ය හමුවේ දී 2025 වසරේ වාර්තා වූ ප්‍රධාන ජයග්‍රහණ සහ 2026 වසරේ උපායමාර්ගික ප්‍රමුඛතා ද ගෙනහැර දැක්වී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම
''2025 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික යන අංශ ද්විත්‍වය තුළම ආර්ථික, වෙළෙඳ සහ දේශපාලන අංශ හරහා කැපී පෙනෙන ලෙස ශක්තිමත් වුණා. සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා වසර තුළ රටේ වඩාත්ම වැදගත් ආදායම් උත්පාදන අංශ දෙකක් ලෙස ඉස්මතු වුණා. 2025 වසරේ දී සංචාරක පැමිණීම් 2,362,000 ක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක පමණ ආදායමක් උපයා ගැනීම සංචාරක අංශයේ ඓතිහාසික සන්ධිස්ථානයක්. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම් සනිටුහන් කළ අතර එය පෙර වාර්තා අභිභවා ගියා.
ඒකාබද්ධ ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 11ක්
විධිමත් බැංකු මාර්ග හරහා ලැබුණු සංක්‍රමණික සේවක ප්‍රේෂණ 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ඉක්මවා ගියා. එය 2016 වසරේ සිට සේවක ප්‍රේෂණවල ඉහළම ගලා ඒම යි. මාසික ප්‍රේෂණ සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 650 ත් 700 ත් අතර වුණා. වසර තුළ ශ්‍රී ලාංකිකයන් 312,000 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියා ලබා ගත්තා. එය සංක්‍රමණික සේවකයින්ට, ඔවුන්ගේ පවුල්වලට සහ පුළුල් ආර්ථිකයට සුවිශේෂී සේවාවක් ලබා දුන් කාල පරිච්ඡේදයක් පිළිබිඹු කරා. 2025 වසරේ දී සංචාරක ව්‍යාපාරයෙන් සහ සේවක ප්‍රේෂණවලින් ලැබුණු ඒකාබද්ධ ඉපැයීම් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11 ක් පමණ වුණා. එය ජාතික ආර්ථිකයට සැලකිය යුතු ජයග්‍රහණයක්.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ දී විදේශ රජයන්ගෙන් සහ ආයතනවලින්, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගෙන් සහ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් සහ ශ්‍රී ලංකාවේ මිත්‍රයන්ගෙන් මූල්‍ය, ද්‍රව්‍යමය සහ තාක්ෂණික සහය ලබා ගැනීමට ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න හරහා රටට හැකි වුණා.''
දශක හතරක ඉතිහාසය තුළ ලංකාවේ විදේශ රැකියා අංශයේ සුවිශේෂී සන්ධිස්ථානයක්
මාධ්‍ය හමුව ඇමතතු විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, 2025 වසරෙහි ලංකාවේ විදේශ රැකියා අංශයේ දශක හතරක ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් හිමි වූ බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජයට ලැබුණු දායකත්වය විස්තර කළේ ය. ආදායම් උත්පාදනය, සේවා සැපයීම සහ සංක්‍රමණික සේවකයින් ආරක්ෂා කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලංකාවේ කොන්සියුලර් ජාලයේ කාර්යභාරය ද ඔහු ඉස්මතු කළේ ය. එමෙන් ම විදේශ රැකියා ක්‍රියාවල දේශපාලන මැදිහත්වීම් වැළැක්වීම සහ විදේශ රැකියා අවස්ථා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රධාන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධාරණය කළේය. රැකියා වංචා විසඳීම සහ විමර්ශන කඩිනම් කිරීම සඳහා 2025 වසරේ දී පිහිට වූ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
රුපියල් මිලියන10 ක් දක්වා නිවාස ණය
සංක්‍රමණික සේවක සුභසාධනය ශක්තිමත් කිරීම සඳහා වන පියවර පිළිබඳවද ඉස්මතු කළ අතර, ඒ අතරට සංක්‍රමණික සේවක නිවාස යෝජනා ක්‍රමයක් දියත් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සහය ඇතිව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හරහා රුපියල් මිලියන 10 ක් දක්වා නිවාස ණය ලබා දීම ඇතුළත් වේ. ජනාධිපති අරමුදල සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කළ සුභසාධන වැඩසටහනක්, WhatsApp, SMS ඒකාබද්ධ කිරීම සහ ඩිජිටල් උපකරණ පුවරු සහිතව සතියේ දින පහේම පැය 24 පුරාම ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇමතුම් මධ්‍යස්ථානයක් හඳුන්වාදීම සහ සංක්‍රමණික සේවක පහසුකම් සැපයීමේ ජංගම යෙදුමක් දියත් කිරීමට සැලසුම් කිරීම ඇතුළත් වේ. ජාත්‍යන්තර හොඳම භාවිතයන්ට අනුකූලව දැනට සකස් කර ඇති යෝජිත නව විදේශ රැකියා පනත පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ආපදාව නොතකා සංචාරක පැමිණීම් 12,000ක්
රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක අංශය කොවිඩ් වසංගත තත්ත්වයට පෙර පැවැති මට්ටමටම සහ ඉන් ඉහළ මට්ටමක් දක්වා සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ ප්‍රකාශ කළේ ය. දිට්වා සුළි කුණාටුවේ බලපෑම නොතකා, දෛනික සංචාරක පැමිණීම් 10,000 ත් 12,000 ත් අතර පැවැති බවත්, එමගින් එම අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිසාධන පියවරවල ඵලදායීතාව පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කළේය.
2025 වසරේදී ශ්‍රී ලංකාව මෙතෙක් වාර්තා කළ ඉහළම සංචාරක පැමිණීම් වාර්තා කළ බවත්, ඉන්දියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, පෝලන්තය, ඔස්ට්‍රේලියාව සහ චීනය ඉහළම සචාරක වෙළෙඳපොළවල් අතර සිටින බවත්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් යුරෝපය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බවත් ඔහු තහවුරු කළේ ය.
2025 වසරේ දී ජාත්‍යන්තර සංචාරක සම්මාන කිහිපයක්
වඩාත් ඔරොත්තු දෙන, තිරසර සහ සංචාරකයින්ට හිතකර සංචාරක අංශයක් සංවර්ධනය කිරීම අරමුණු කරගත් ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වැඩිදියුණු කිරීම්, ගුවන්තොටුපළ පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා මුලපිරීම්, විදේශ ආයෝජන වැඩි කිරීම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම් පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු ඉස්මතු කළේය. ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස සිය ගෝලීය තත්ත්වය ශක්තිමත් කරමින්, 2025 වසරේ දී කීර්තිමත් ජාත්‍යන්තර සංචාරක සම්මාන කිහිපයක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වී ඇත.
මෙම මාධ්‍ය හමුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ අමාත්‍යාශය යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය


