ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සිදුකරන ප්‍රකාශනාධාර ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂයේ අනුග්‍රහය ලත් අත්පිටපත් වෙනුවෙන් නියමිත ආධාර මුදල් සඳහා චෙක්පත් ප්‍රදානය 2025.12.05 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
මෙහිදි 2025 වර්ෂය වෙනුවෙන් ආධාර ලැබූ ශාස්ත්‍රීය, නවකතා, කෙටිකතා,කවි සහ ළමා සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් චෙක් පත් ප්‍රදානය සිදු වූ අතර ශාස්ත්‍රීය කෘතියක් වෙනුවෙන් රු. 150,000.00ක මුදලක් ද, නවකතා කෘතියක් සඳහා රු. 125,000.00ක් මුදලක් ද, කෙටිකතා කෘතියක් වෙනුවෙන් රු.100,000.00 මුදලක් ද, කවි, ළමා සාහිත්‍ය සහ ළමා කතන්දර කෘති වෙනුවෙන් රු. 75,000.00ක් වශයෙන් ද ප්‍රදානය කෙරිණි.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, අධ්‍යක්ෂ ( පුස්තකාල ප්‍රමිතිකරණ, ප්‍රවර්ධන හා ප්‍රකාශන) සේනානි බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2026 වර්ෂය සඳහා මෙම ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් භාර ගැනිම මේ වනවිට ආරම්භ කර ඇති බව ද මෙහි දී ප්‍රකාශ කෙරිිණි.




