සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ ප්‍රගීතිකා ජයසේකර ගේ 'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.
ජනවාරි 10 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7
මෙම කෘතිය පිළිබඳ කතාබහේදී සුනන්ද කරුණාරත්න, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, ළහිරු කරුණාරත්න සහ උපෙකලා අතුකෝරළ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.
මෙවර පැවැත්වෙන 89 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසින්.
විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහි දී 'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.
'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!
එදිනට විශේෂ වට්ටමක් සහිතව 'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය මිලදී ගන්නත් ඔබට හැකියි.
එහෙනම්, ජනවාරි 10 වැනි සෙනසුරාදා හමුවෙමු.
The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ.


